දේශීය

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව දැනුම්දී තිබේ.

 

ඒ අනුව හෙට (04) දින පස්වරු 7 සිට පසුදින (05 ඉරිදා) පෙරවරු 5. 00 දක්වා පැය 10ක කාලයක් සඳහා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

Related posts

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Editor O

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

Leave a Comment