දේශීය

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

 

නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වන වගන්තියට අනුව නවීකරණය කරන ලද විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

 

කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගනු ලැබීය.

 

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේ දී විවෘත කර තිබුණි.

 

අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක් හිමි විහාරමහාදේවී උද්‍යානය කොළඹ ධර්මපාල මාවත, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් චන්ද්‍රවංකය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මාවත යන මාර්ගවලට මායිම්ව පිහිටා තිබේ.

 

විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර මේ වනවිට වසර 10කට අධික කාලයක් ගත වන බැවින් පවතින සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර එම උද්‍යානය කොළඹ නගර සභාවට පැවරීමට කටයුතු කරන ලෙස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ

Related posts

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

Mohamed Dilsad

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment