දේශීය

ජනතා මතය අනුව වැඩ කරන්න ඇමති සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.

 

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔහු පිටුපස මහා බලයක් තියෙන්න ඕනේ.”

 

“රග්බි එක තහනම් කරනකොට ඒ අය අපිට ලියනවා. සදාචාරයක් තියෙන්න එපැයි. ක්‍රීඩා දේශපාලනයත් තියෙනවා නේ. දැන් අපිව තේරුම් අරන් ඔලිම්පික් කමිටුවත් අපිත් එක්ක වැඩ කරනවා නේ.”

 

“ක්‍රිකට් පරාජයන්වලට කණ්ඩායම වගකියන්න ඕනේ නැහැ.”

 

“අපි සුබවාදීව බලමු. මාර්ග දෙකයි තියෙන්නේ. ලක් මාතාව බිත්තියට තියලා කඹේ දාලා එල්ලලා තියෙන්නේ.”

 

“මට එවන්න ජනතාවගේ මතය. මට ඒක වටිනවා. මම ඒවා බලනවා.”

 

“මෙයාලටම කරගෙන යන්න දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අභියෝගය අරගෙන තහනම ඉවත් කරගෙන ක්‍රිකට් හදාගෙන යනවද? ඔය මාර්ග දෙක විතරයි තියෙන්නේ.”

 

“මම වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව. ආණ්ඩුවේ ඉන්නවා හරි දේ කරන්න. හරි දේ අගය කරන තාක්කල් ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි. ඉස්සරහට බලමු. ආණ්ඩුවේ නෙමෙයි යම් යම් තැන්වල. ව්‍යවස්ථාදායකයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා.. කිහිප දෙනෙක් හැර. 225න් 210ක් 212ක් සහාය දෙනවා. ජනාධිපතිතුමාගේ සහයෝගය… එතුමාට කවුරුහරි මොනවා හරි කියලා.”

 

“මම ඇමතිකමේ හිටියත් නැතත් මගේ සටන අතහරින්නේ නැහැ. පුද්ගලික නීතිඥයෝ දාලා හරි නඩු කියනවා. මෙයාලා ගහන ගැහිලි අනුව අපි දන්නේ පාළම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඒවා”

 

“මේක හොඳ ටෙලි නාට්‍යක්. මම දකිනවා සමහරු සමහර තැන්වල හොරෙන් වීඩියෝ කරගන්නවා. තහනම් කරගන්නවා. හොරා රැකලා වැඩක් කරපු ඇමතිව යවන රටක් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.”

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Related posts

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

Mohamed Dilsad

වවුචර්පත් වෙනුවට යළිත් නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

එක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment