ක්‍රීඩා

එංගලන්තයට ලකුණු 93ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වුණි.

 

එම තරගය ලකුණු 93කින් ජයගැනීමට එංගලන්තය සමත්විය.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තේය.

 

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 338කි.

 

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තානයට පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 244ක් පමණි.

Related posts

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

Mohamed Dilsad

Leave a Comment