දේශීය

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

 

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඊයේ (21) දින පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත වීම ගැන සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවය.

 

එමෙන්ම මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ද කියා සිටියේය.

 

ඉන් අනතුරුව 2024 වසරේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Related posts

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment