දේශීය

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට උද්ඝෝෂණයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

 

හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත.

 

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව සඳහන් වෙයි.

 

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

රටේ ප්‍රධානම ගැටළුවට විසඳුම් දෙමින් , ඇමති පිරිසක් දිවුරුම් දීමට සූදානම්…!

Editor O

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

Mohamed Dilsad

මෙරට විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment