දේශීය

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

 

“මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවෙනවා. ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම. වැඩි දවසක් යන්න කලින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Related posts

කිලිනොච්චියේ වී ගොවීන් ට හොඳ මිලක්

Mohamed Dilsad

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

Mohamed Dilsad

සරසවි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment