දේශීය

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත වැල්ලව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇති කරන සුනඛයා බේරාගැනීමට තැත් කිරීමේ දී දුම්රියේ ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරිය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

Mohamed Dilsad

මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම කණගාටුදායකයි – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment