දේශීය

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ.

 

1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සෑම වසරකම දෙසැම්බර් මස 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබයි.

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙමින් දේශපාලන සංස්කෘතික හා මානව හිමිකම් රාමුවක් තුළ පුද්ගලයින්ගේ අයිතීන් සුරැකෙන්නේ කෙසේද යන්න පහදා දීම එම වැඩසටහන්වල අරමුණ වේ.

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව මෙරට තුළ ද මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related posts

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment