දේශීය

ONMAX DT ලොක්කන්ට ඇප

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබේ.

 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

 

නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන අද තීරණයක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

ජනපති ද්‍රවිඩ පක්ෂ වෙත කළ දැනුම්දීම

Mohamed Dilsad

Leave a Comment