දේශීය

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06ක තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 22 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ.

 

අදාළ සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ධමිමික ගනේපොල මහතා මෙම අවසරය ලබා දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

අපනයන භාණ්ඩ බෙදා හැරීමේ සමාගමක හිමිකරුවෙකු සහ ඔහුගේ සේවකයෙකු හා සැකකරුවන් තිදෙනෙකු මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

 

රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා මෙම කුෂ් නැමති මත්ද්‍රව්‍ය තොගය පසුගියදා රේගු භාරයට ගැනිණි.

 

කැනඩාවේ සිට මෙරටට ගෙන්වන ලද රෙදිපිලි අඩංගු බාහාලුමක සඟවා මෙම කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා ඇති බව සඳහන් විය.

Related posts

හිටපු ඇමති රාජිත ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හිටපු ජනාධිපති රනිල් හමුවෙති

Editor O

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවත්වන්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment