දේශීය

කලාපීය ආර්ථිකය ගැන ජනපති කළ ප්‍රකාශය

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක් ව ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

කොළඹ පැවති තරුණ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහි දී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා, කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරී සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දී ඇත.

 

ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම් කර ඇති බවත් ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ඇතුළු ව දැනට ශ්‍රී ලංකාව සිදු කරමින් සිටින වෙළෙඳ සාකච්ඡා හා නව ගිවිසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී තරුණ ව්‍යවසායකයන් දැනුම්වත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment