දේශීය

සැකකටයුතු මරණයක්

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇත.

 

කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

 

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කයිතන්ගේ සීනි කෑම…. : පෙර වසරට සාපේක්ෂව සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වැඩිපුර ආනයනය කරලා

Editor O

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

Editor O

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment