දේශීය

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අධිකරණ සේවකයෙක් කොටුවෙයි

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අදාළව එම අධිකරණයේ සේවයේ නියුතු තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණයේ සේවයේ නිරතව සිටි සිතාසි හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නෙකි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටී

Related posts

ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැහැ

Mohamed Dilsad

Leave a Comment