දේශීය

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයෙකු මියගොස් තිබේ.

 

සිය බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

 

අනතුරින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ත්‍රිරෝද රථ – බස් රථ අනතුරින් දෙදරු පියෙක් මරුට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment