ප්‍රමුඛ පුවත 1

රැම්සන්වෙයාර් වෛරස අවධානම තවදුරටත්

(උදයම්,කොළඹ)  –  රැම්සන්වෙයාර් වෛරසය මෙරටට පැමිණීමේ අවදානම තවදුරටත් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් අප කල විමසේමකදී අදහස් දැක්වූ එම සංසධයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ පරිගණක මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම තුලින් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවයි.

මෙම සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150 ක පරිගනක පද්ධති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ලවූ බව යුරෝපෝල් පොලීසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් එංගලන්තයේ සෞඛ්‍ය සේවාව යටතේ පවතින රෝහල් 48 ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවාවන්ද අඩාල වූ බව විදෙස් වාර්තා වල දැක්වුණි.

Related posts

පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

Mohamed Dilsad

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදයි.

Mohamed Dilsad

Leave a Comment