විදෙස්

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

(UTV | කොළඹ) –බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

Mohamed Dilsad

ඉන්දියාවේ බස්රථ අනතුරක්.හතලිස් හතරක් මරුට

Mohamed Dilsad

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment