දේශීය

මත් ලෝලීන් කොන් කරන්න එපා! | යුක්තිය වහාම නවතනු! – මානව හිමිකම් සංවිධානය

(UTV | කොළඹ) –  විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

යුක්තිය මෙහෙයුම දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග මත පදනම් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පැවැසුවේය.

අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු බවත් ඒ වෙනුවට ස්වේච්ඡා, සාක්ෂි සහ අයිතිවාසිකම් මත පදනම් වූ, ප්‍රජා මූලික සමාජ සේවාවක් පිහිටුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

යුක්තිය මෙහෙයුම අත්හිටුවා විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවද මනාව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ටද මානව හිමිකම් තිබෙන බවත් ඔවුන් තවදුරටත් සමාජයෙන් කොන් වීමට සහ වෙනස් ලෙස සැලකිලිවලට භාජනයටවීමට ඉඩ නොදිය යුතු බවත් එම විශේෂඥයන් පවසයි.සමාජීය සහ ආර්ථිකමය වශයෙන් කොන්වී සිටින සමාජ කණ්ඩායම් වලට අයත් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි සැක කෙරන වැරදිකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් දහස් ගණනක් වාර්තා වී ඇති බවත් එම සිදුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකින බවත් මනාව හිමිකම් විශේෂඥයන් සඳහන් කළේය.

එසේම හමුදා විසින් පාලනය කරනු ලබන පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිය ගණනක් රඳවා සිටින බවත් යුක්තිය මෙහෙයුම තුළදී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට වැරදිසහගත ලෙස සැලකීමේ සහ වධහිංසා පමුණුවීමේ සිදුවීම් වාර්තා වන බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ යැයි සැක කෙරෙන වැරදිකරුවන් යුක්තිය මෙහෙයුමෙන් දැඩිව මර්දනය කරන ආකාරය පිළිබඳ මනාව හිමිකම් විශේෂඥයන් දැඩි කනස්සල්ල පළ කර ඇත.

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීමේදී ඔවුන්ගේද කැමැත්ත ඇතිව පුනුරුත්ථාපනය කළ යුතු බවත් ඔවුන්ට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙන බවත් එම විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

පුනුරුත්ථාපනය කිරීමට යොමු කිරීමේදී අසමාන ලෙස සැලකීම, වධ හිංසා පමුණුවිම , නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය නොකිරීම පිළිබඳ වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයෝ පැවැසූහ.

Related posts

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය බදාදා සිට

Mohamed Dilsad

Leave a Comment