දේශීය

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 9කට නොවැඩි විය යුතු බවත් එම නිවේදනය සඳහන් වේ.

විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග කොටුකරයි

Mohamed Dilsad

Leave a Comment