Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ගැන සුබ ආරංචියක්

(UTV | කොළඹ) –

වාහන ආනයනය පිළිබඳව සැලසුම් ජුනි මාසයේ මැද භාගයේ දී රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය 2025 ආරම්භයේදී ලබා දෙනු ඇති බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන්. එම අරමුදල සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9% ක ට ආසන්න මට්ටමකින් ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු බවට එකඟ වී ඇති පියවර අතර වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීම ද ඇතුළත් කර තිබේ. ඒ අනුව සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බව සඳහන්. මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර ඒ අනුව නුදුරේදී ම වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් වනු ඇති බවත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් වනු ඇති බව ත් වාර්තා වේ.

මීට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් දේපළ බද්ද අය කිරීම, ඉඩකඩම් දේපළ විකිණීමේදී අය කෙරෙන මුද්දර ගාස්තු වැඩි කිරීම, අපනයන සේවා සඳහා දැනට ලබා දී ඇති ආදායම් බදු සහනය ඉවත් කිරීම, ඩිජිටල් සේවා සඳහා වැට් බදු පැනවීම ඇතුළු නව බදු කිහිපයක් ද පැනවෙනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.

Related posts

Brazil Court doubles Lula’s jail term

Mohamed Dilsad

கொழும்பு -கொலன்னாவ மாநகர சபை   உத்தியோகபூர்வ முடிவுகள்.

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment