Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස් by Editor OJune 19, 2024June 19, 2024031 Share0 (UTV | කොළඹ) – නිවාසලාභින් සතු නිවාස සදහා නව ආරෝපිත බද්දක් පැනවුවහොත් ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාත ජනතාවක්, දැරිය නොහැකි බදු බරකින් පීඩාවවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම බදු ක්‍රමය සාමාන්‍ය මාධ්‍යම පංතියේ ජනාතාවට බලපාන්නේ ද නැත්ද යන්න ආණ්ඩුව විසින් ප්‍රකාශයක් කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි. ජනතාව වෙත තවදුරටත් බදු බර පැටවීම සුදුසු නැති බවද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී 18දා ප්‍රකාශ කළේය. එයට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම බදු පනත කිසිසේත් සාමාන්‍ය මධ්‍ය පංතික ජනතාවට බල නොපාන බවත් එකී පනත ක්‍රියාත්මක වන්නේ ඉහළ ආදායම් ලාභී ජන කොටස් සතු නිවාස සදහා පමණක් බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශය හේතුවෙන් සමාජයේ සැලකිය යුතු පිරිසකට දැරිය නොහැකි බදු බර වහා ඉවත්වීමක් සිදුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.