Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීට අගරදගුරු පාර්ශ්වයෙන් පිළිතුරු by Editor OJune 22, 2024045 Share0 (UTV | කොළඹ) – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කරයි. කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර, එයට පැහැදිලි කිරීමක් ලෙස කිෂාන්ත පියතුමා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වලින් කාදිනල් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල් කිසිසේත් අවභාවිත කර නොමැති බවයි.