Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

(UTV | කොළඹ) –

දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. බද්ද මගින් සියයට 90%ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවය. මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස මුළු සමාජයෙන් 10%ක් විතර. මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ ඒ පිරිසට. 90%කට ජනතාවට තියෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් 10% ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින් සුළු ප්‍රතිශතයක් තමා රාජ්‍ය ආදායමට දායක වෙන්නේ. ඔවුන්ට දරාගන්න බැරි යෝජනාවක් අපි ගෙන එන්නේ නෑ. 90%ක ජනතාවට ප්‍රතිලාභ විතරයි. ගෙවීමට සිදුවන අයට මේකෙන් දීර්ඝකාලීනව යහපතක් සිදුවෙනවා. මේක වක්‍ර බද්දක් නෙමෙයි. මේක කාටවත් මාරු කරන්න බෑ. ගෙවන කෙනා දරාගත යුතුයි. ඒ නිසා මේක අවසානය එන්නේ පුංචි මිනිහාට කියනවා නම් ඒක වැරදියි.” යැයි ද කීවේය. 

Related posts

මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට උපදෙස්

Mohamed Dilsad

Trump dismisses Iran tanker attack denials

Mohamed Dilsad

Interim Report on Kurunegala Doctor today

Mohamed Dilsad

Leave a Comment