Trending Newsඑසැන පුවත්දේශීය

කොඳු ඇට පෙළ ඇදවන රෝගී තත්ත්වයක් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ.

(UTV | කොළඹ) –

එළඹෙන ජුනි මස 26 වන දිනට යෙදී ඇති ස්කෝලියෝසිස් (scoliosis) රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පා ගමනක් සහ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 23දා  පෙරවරුවේ  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්  පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ වූ පා ගමන ලිප්ටන් වටරවුම පසු කරමින්  නිදහස් මාවතේ ශල්‍ය වෛද්‍ය  විද්‍යායතනය දක්වා ගමන් කෙරුණු අතර ඒහිදී ජනතාව දැනුම්වත් කිරීමට විශේෂ වැඩසටහනක්ද පැවති අතර,  ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLOA) සහ ශ්‍රී ලංකා කොඳු ඇට පෙළ පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය (SLSS) විසින් මෙම පාගමන සහ වැඩසටහන සංවිධානය කර තිබුණි.

පාගමන ආරම්භ කිරීමට පෙර අමාත්‍යවරයා ඇතුලු නිළධාරීන් ස්කොලියෝසිස් (scoliosis) තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රොහලේ නේවාසික  ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමටද කටයුතු කලේය.

ස්කොලියෝසිස් (scoliosis) තත්ත්වය යනුවෙන් හඳුන්වනු ලබන්නේ  (“S”) අකුරේ හැඩයට කොදු ඇට පෙළ විරූපණයට තුඩු දෙන තත්ත්වයයි. මෙම විරූපණයෙහි තීව්‍රතාවය වයසින් වැඩිවෙත්ම සහ ළමයාගේ වර්ධනයත් සමඟ  තවත් විය හැකිය. මේ අතරින් ඉතා වැඩි මට්ටමේ වක්‍රයක් සහිත විරූපණයන් නිසා උරස් කුහරය හැකිලීම මෙන්ම හදවත සහ පෙනහළු වල කාර්යය අඩපණ වීම සිදුවිය හැකි අතර  එමගින් මෙම රෝගය සහිත දරුවන්ගේ ශාරීරික හැකියාවන් ප්‍රමාණය අඩු විය හැක.  මෙම තත්ත්වය හුදෙක්ම ශාරීරිකයන් දුබලතාවයක් පමණක් නොවන අතර මානසිකවද සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි.

ස්කොලියෝසිස් තත්ත්වයට ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ මෙම තත්ත්වය ඇති දරුවාගේ වයස සහ කොඳු වැට පෙළෙහි විරූපණ වක්‍රතාවෙහි අඩු හෝ වැඩිවීම මතය. දරුවන් බොහෝමයකට ශල්‍ය කර්මයක් නොමැතිව වාත්තු (Cast) සහ සෘජු සෘජුකාරක පටි (Brace) භාවිතයෙන් ප්‍රතිකාර කරනු ලබන අතර කොඳු වැට පෙළෙහි වර්ධනය සමඟින් දික් කළ හැකි වර්දක දඬු (Growth Rods) ශල්‍යකර්මයක් මගින් කොඳු වැට පෙළෙහි සවිකරන ප්‍රතිකාරයද කරනු ලබයි. එමෙන්ම වර්ධනය අවසන් කළ දරුවන් සඳහා ස්ථිර සෘජුකාරක ශල්‍යකර්මද සිදුකරනු ලබයි.

කොළඹ ජාතික රෝහලරිජ්වේ  ආර්යා ළමා රෝහලයාපනය ශික්ෂණ රෝහල සහ බදුල්ල ශික්ෂණ රෝහල යන රෝහල් වල ස්කොලියෝසීස්  තත්ත්වය සඳහා ශල්‍යකර්ම සිදු කරනු ලබන අතර ස්කෝලියෝසිස්  තත්ත්වය ඇතැයි සැක කරන රෝගීන් ළඟම රජයේ රෝහලේ විකලාංග සායනය වෙත යොමු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන්  ඉල්ලීමක්ද කරනු ලබයි.

කොඳු ඇට පෙළෙහි ඇති අඩුපාඩු තත්ත්වයන් නිසා ඇතිවන තත්ත්වය (සංජානනීය ප්‍රභේදය), මොළයේ හෝ සුසුම්නාවේ ස්නායු පිළිබඳ රෝග තත්වය (ස්නායුමය ප්‍රභේදය)මූලික රෝග ලක්ෂණ කිහිපයකින් හෝ දුබලතාවයන් කිහිපයකින් ඇතිවන සහලක්ෂණ රෝග තත්ත්වය (සහලක්ෂණ නිසා ඇතිවන ප්‍රභේදය), සහ හේතු නොදන්නා නව යෞවන ප්‍රභේදය යන ප්‍රභේදයන් ස්කෝලීයෝසිස් තත්ත්වෙහි ප්‍රභේද වේ.

මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ, ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති  විශේෂඥ වෛද්‍ය හිරාන් අමරසේකර,යන මහත්වරුන් සහ  ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLOA) සහ ශ්‍රී ලංකා කොඳු ඇට පෙළ පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය (SLSS) නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, වෛද්‍යපීඨ වල වෛද්‍ය සිසුන්, පාසල් දරුවන්, මෙන්ම ජනතාවද විශාළ පිරිසක්ද සහභාගී වූහ.

Related posts

Overall Operational Command, Colombo established with immediate effect

Mohamed Dilsad

Foreign Secretary hold talks with US Congress on progress in Sri Lanka

Mohamed Dilsad

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

Editor O

Leave a Comment