Trending Newsඑසැන පුවත්දේශීය

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධන

(UTV | කොළඹ) –

සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් හෙට(28) සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන්  ඉල්ලා සිටින බව  වැඩබලන අධ්‍යාපන අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර පාසැල් සහ පෞද්ගලික පාසල්වල කිසිදු ගුරු වර්ජනයකින් තොරව  අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම පාසල්වල අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් මෙම ගුරු වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන බව හෙතෙම අවධාරණය කරයි. පැවති ගුරු වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස 2022 වර්ෂයේදී කමිටුවක් පත්කර  iii 2 ශ්‍රේණියට 14% කින් වැටුප් වැඩි කර ඇති අතර ඒ අනුව මසකට රුපියල් 3750 ක මුදලකින් වැටුප් වැඩිවෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම 1 ශ්‍රේණියට 26% කින් වැටුප් වැඩිකර ඇති අතර රුපියල් 17,720.00 කින් එම ශ්‍රේණියේ වැටුප් වැඩි වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා 2023 වර්ෂයේ සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 10,000 වැටුප් වැඩිකළ අතර එම වැඩිවීම ගුරුසේවයටද ලබා දුන් බව හෙතෙම අවධාරණය කළේය. එසේම 2025 වර්ෂයේ අයවැයෙන් වැටුප් විෂමතාවන් විසඳීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී පත්වන කිසිදු රජයකට ණය මුදලක් ලබා ගැනීමට හෝ මුදල් අච්චු ගැසීමට මහා භාණ්ඩාගාරයෙන් අවසර ලබා නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

உயர் நீதிமன்ற தீர்ப்பு இதோ…

Mohamed Dilsad

தனது மகளை பாலியல் துஷ்பிரயோகத்திற்கு உட்படுத்திய விரிவுரையாளர்

Mohamed Dilsad

Pakistan Court acquits two accused in Sri Lanka Cricket Team attack

Mohamed Dilsad

Leave a Comment