Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මිල පහළට.

(UTV | කොළඹ) –

ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 22කින් පහත දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 355ක් වේ. කෙසේවෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනු ඇත.

Related posts

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කරයි

Mohamed Dilsad

காலியில் மூன்று மாடி ஆடை விற்பனையகத்தில் தீ

Mohamed Dilsad

අපේක්ෂා Express වැඩ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment