Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන නීතිපතිවරයයෙක් දිවුරුම්දෙයි.

(UTV | කොළඹ) –

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය. පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.

Related posts

IGP orders to reduce security detail of former Ministers

Mohamed Dilsad

Travel Ban Imposed On GOTA and Six Others

Mohamed Dilsad

තැපැල් ඡන්දය 22 සහ 25, 26 දින වල

Mohamed Dilsad

Leave a Comment