(UTV | කොළඹ) –
වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද (02) ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබේ.