(UTV | කොළඹ) –
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අද (05) උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම පරිශ්රයේ යම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.