Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

(UTV | කොළඹ) –

2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන් වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ “ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්” ආරම්භ කර ඇතැයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකුට රුපියල් මිලියන 50ක් ද වී ගබඩා හිමිකරුවකුට සහ වී තොග රැස් කරන්නෙකු හට රුපියල් මිලියන 25ක්ද වන පරිදි උපරිම ණය මුදලක් 13%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි බව සඳහන්. ඉන් 9%ක් අදාළ ණය ඉල්ලුම්කරු විසින් දැරිය යුතු අතර ඉතිරි 4% පොළි සහනාධාරයකි.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල ශාකාවලින්, නිර්ණායක සපුරණ අය සඳහා ණය මුදල් ඉල්ලුම් කළ හැකි බවත්, එකී ණය මුදල් දින 180ක් ඇතුළත ගෙවා නිම කළ යුතු බවද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්

Related posts

தொடரூந்து சேவை பணியாளர்கள் நேற்று நள்ளிரவு முதல் அடையாள பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

පාසැල් ආරම්භ කරන දිනය පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

வானிலை மையம் விடுத்துள்ள எச்சரிக்கை!

Mohamed Dilsad

Leave a Comment