Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

(UTV | කොළඹ) –

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට  හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබිණ. මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව  ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට  ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සඳහන් කරයි.

Related posts

සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව ඇමතිගේ නියෝගයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

வெளிவிவகார அமைச்சின் புதிய செயலாளராக ரவிநாத ஆரியசிங்க

Mohamed Dilsad

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment