Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත්, අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළ බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එදා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම්, මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එම අදහස් පළ කළේය.  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම්ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදුන්හ.

Related posts

இந்தியாவில் கோர விபத்து:ஸ்தலத்திலேயே 17 பேர் பலி

Mohamed Dilsad

Navy recovers a haul of beedi leaves floating in sea [VIDEO]

Mohamed Dilsad

“Financial context demand strengthen macroeconomic policies and institutions” says Minister Mangala

Mohamed Dilsad

Leave a Comment