Trending Newsඑසැන පුවත්දේශීය

ණය ගෙවන්න පුළුවන් අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවත්, අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

பஸ் பயணக்கட்டணங்கள் இன்று நள்ளிரவு முதல் குறையும் வாய்ப்பு

Mohamed Dilsad

Sri Lankan among 4 killed in Visakhapatnam accident

Mohamed Dilsad

ONMAX DT ලොක්කන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment