Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවුණා – අගමැති

(UTV | කොළඹ) –

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සෘණ තත්ත්වයේ තිබූ ජාතික ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජා ඇල ප්‍රා දේශීය මහ ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ල සදහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 219.5කි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

President arrives in London to participate in CHOGM

Mohamed Dilsad

“மூவின மக்களின் ஆதரவுடன் கிழக்கு மாகாண சபையின் ஆட்சியை வசப்படுத்துவோம்”

Mohamed Dilsad

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

Leave a Comment