Trending Newsඑසැන පුවත්දේශීය

කොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්

(UTV | කොළඹ) –

කොරෝනා වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොරෝනා වෛරසයේ සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ වල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රම වේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබිණි

මේ අනුව COVID-19කොරෝනා ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘත දේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භුමදානය කිරීමට අවසර ලබා දී තිබෙයි

2021 ජූලි මාසයේදී ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසර වල සාර්ස් වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කෙරුණි. එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී ඇත.

2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක් ද සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එමඟින් සාර්ස් වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී තිබෙයි.

ඒ අනුව, කොරෝනා වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්‌යය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාව අයැදීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි

Related posts

மாத்தறை உள்ள வர்த்தக நிலையம் ஒன்றில் தீ விபத்து

Mohamed Dilsad

இலங்கை மக்களுக்கு அறிமுகமாகும் சலுகை அட்டை

Mohamed Dilsad

மரம் வெட்டும் இயந்திரங்களை பதிவு செய்யும் கால எல்லை இன்றுடன் நிறைவு

Mohamed Dilsad

Leave a Comment