Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ඇති ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම දෙන බව නීතිපති කියයි.

(UTV | කොළඹ) –

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළාය. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.

එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා රිය අනතුරකට ලක් කොට ඝාතනය කිරීමේ සූදානම පවතින බවට තොරතුරු ලැබී ඇතැයි වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන බව කියා සිටියේය.

ඒ අනුව ඔහුට දැනට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට මේ වනවිට ඔහුගේ නිවසේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවත් ගමන් බිමන් කටයුතු සඳහා තවත් නිලධාරීන් හතර දෙනකු යොදවා තිබෙන බවත් දැනුම් දුන්නාය. මෙම නිලධාරීන් හය දෙනාම ආයුධ සන්නද්ධව සේවයේ යෙදී සිටින බවත් රජයේ නීතිඥවරිය පැවසුවාය. එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය අනුව මෙම ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ඔහුගේ ගමන් බිමන් කටයුතු සඳහා ආරක්‍ෂාවට පොලිස් යතුරුපැදියක් ලබාදී තිබුණද එය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි.

Related posts

Indictments served on Sajin Vaas

Mohamed Dilsad

NP Governor meets Commander of Jaffna Security Forces

Mohamed Dilsad

Reports: Armed Man Holds Staff Hostage at Istanbul Hospital

Mohamed Dilsad

Leave a Comment