(UTV | කොළඹ) –
ස්ටාලින්ක් (පෞද්ගලික) සමාගම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා (සැටලයිට්) පුළුල් පරාස අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇත. 2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය වලංගු බවද විදුලි සංදේශ නියාමන කොමිෂම සඳහන් කරයි.