(UTV | කොළඹ) –
2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්‌ට්‍රොනික පද්ධති මගින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
එසේම රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් හා විශ්‍රාමිකයන් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් දහසක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිව හිමී වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.