ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනිදා ජනගත කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශයේ මුල් පිටපත ඊයේ (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි. අභියෝග ජය ගනිමින් අනාගත පරපුරේ හෙට දවස සෑම අංශයක් ඔස්සේම සංවර්ධන දැක්ම එහි ඇතුළත්ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් රටේ සංවර්ධනය සහ තරුණ තරුණියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ග සහ පවතින අභියෝග පරදා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ඇතුළත් කර තිබෙන අතර, එම සැලසුම් නියත වශයෙන්ම ක්රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.