Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් තිබෙන බවයි. ඒවා කඩිනමින් බෙදා අවසන් කරන බවද කීවේය.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, 712,318කි. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 04,05 හා 06 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා අමතර සේවකයින් යොදා ගැනීමට මැතිවරණ කොමිසම අවසර දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව විශ්‍රාමිකයින් හෝ තාවකාලික සේවකයින් ඒ සඳහා යොදගත හැකියි. එහෙත්, මෙතෙක් එවැනි අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව, තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

“Ms.Mccauley committed tirelessly to support the underprivileged” – Minister Bathiudeen

Mohamed Dilsad

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

Mohamed Dilsad

வைத்தியர்கள் பணிப்புறக்கணிப்பில்…

Mohamed Dilsad

Leave a Comment