Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසම මගින් භාර ගැනීමෙන් අනතුරුව ඒවා නිවෙස් වෙත බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් මැතිවරණවලදී මෙන් මෙවර ද නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දින ක්‍රියාත්මක වනු ඇති බවට ද වාර්තා වනවා.

Related posts

Peace education introduced in Guatemala, Cambodia, Sri Lanka, Iraq in cooperation with HWPL

Mohamed Dilsad

மீண்டும் திரைக்கு வரும் காட்ஸிலா?

Mohamed Dilsad

RTI Commission wants public to view draft laws in advance

Mohamed Dilsad

Leave a Comment