Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට බරක් නැති පරමාදර්ශී රාජ්‍ය පාලනයක් සමග ආර්ථිකය ශක්තිමත් කරනවා – සජිත් ප්‍රේමදාස

තමා බලය⁣ට පත් වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕනැ ඔනැ ලෙස භාවිත නොකරන බවත් මෙය තනතුරක් නොව ජනතාව ලබා දුන් වරම තුළ ජනතා සේවකයකු ලෙස ඉටුකළ යුතු යුතුකමක් හා වගකීමක් බවත් විධායක ජනාධිපති යනු බදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන කෙනෙක් බවත් එම නිසා මේ යැපුම්භාවයෙන් ඉවත් වෙනවා සේම රාමුවෙන් පිට පැන අලුත් විදිහට සිතා බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න කටයුතු කරන බවත් රටට හිතකර ලෙස ඒවා භාවිත කරන බවත් ඒ තුළින් රට සම්පතින් සෞභාග්‍යයයෙන් සවිබල ගන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුමන ආකාරයෙන් වත් සමගි ජන බලවේග රජය හෝ ආණ්ඩුව මහජනතාව බරක් නොවන බවත් පරමාදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් ජනතාව⁣ට කැප කිරීම් කිරීමට පෙර නායකයා කැපකිරීම් කළ යුතු බවත් ආදර්ශමත් නිහතමානී සවන් දෙන රාජ්‍ය පාලනයක්, දසරාජ ධර්ම කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක් අප රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමා කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ තාවකාලික භාරකරුවා ලෙස මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත කටයුතු කරනවාඅප රටේ සැමට බෙදෙන සෞභාග්‍යයක් සැවොම භුක්ති විදින ආර්ථික වර්ධනයක් සහ බුදු දහම කේන්ද්‍ර කර ගත් සෙසු ආගම්වලට ශක්තිය ලැබෙන, සදාචාර සම්පන්න, ශිෂ්ටසම්පන්න, යුක්ති ගරුක, විනයගරුක සාමකාමී දියුණු සංවර්ධනය වූ යහපත් රටක් නිර්මාණය කිරීමේ යුගය නිර්මාණය කරන බවත් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනතා ආශිර්වාදයෙන් තාවකාලික භාරකරීත්වය සීමාසහිත කාලයකට බාර ගෙන ⁣ඒ කාලයේ ගෞරවනිය මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලාංකිකත්වය තුළින් එකට එකතු වී රටේ ජනතාව වැටී ඇති තැනින් ගොඩ ගන්නවා

අප රට වෙළෙඳ වානිජ සංවර්ධන ක්ෂේත්‍ර අතින් ඉතාමත්ම ඉහළ තැනක සිටි බවත් සැමට සංවර්ධනය සැමට සෞභාග්‍යය උදා වු වාරි සංස්කෘතියක් හරහා කෙත්වතු සරුසාර වූ ජන ජීවිත සුඛිත මුදිත වූ යුගයක අපේක්ෂාව මේ මිහින්තලා ප්‍රකාශයේ සදහන්ව ඇති බවත් මෙමගින් රට ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම මෙහි සදහන් බවත් දුක් විදින ජනතාව දුුකින් මුදවා සැබෑ සෞභාග්‍යයක් කරා ගොස් ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකිකත්වය තුළින් නිර්මාණය වන එකමුතුභාවය තුළින් රට ජයග්‍රහණය කර වීම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආගම දහමට ගරු කරන පරපුරක් නිර්මාණය කරනවා

ආගමික සිද්ධාර්ථාන සංවර්ධන කර යහපත් යුක්තිගරුක ගුණගරුක සාමකාමී ශිෂ්ටසම්පන්න පරපුරක් නිර්මාණය වන ජාතික ප්‍රතිපත්ති දියත් කර ඒ තුළින් නිර්මාණය වන යහපත් භවය ජන සමාජයේ දහම් සුවද ව්‍යාප්ත කර ඒ ඒ ආගම හා සංස්කෘතින්ට ගරු කරමින් රට ගොඩනගන වැඩසටහනට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා යෝජනා විවේචනවලට සවන් දී යහපත් මානසිකත්වයෙන් ඒ යෝජනා රටේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බවත් විවිධ ජන කොට්ඨාස විවිධ ආගම්වලට සම්බන්ධ අය ආදිවාසි ප්‍රජාව ඇතුළු සියලු දෙනා එකමුතු කර ගත් දැවැන්ත ශක්තියක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකත්වය සත්ජාතිකත්වය අප රටේ අභිවෘද්ධිය ප්‍රධාන පදනම බවත් මේ එකමුතුභාවය තුළ නිර්මාණය දැවැන්ත බලවේගය හරහා කඩාවැටුණු ගරාවැටුණු දේශය ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විහාර දේවාල ගම් පනත ගැන සෑම පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡා කර බහුතර එකගතාව මත එය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා

Related posts

கொட்டாஞ்சேனை வைத்தியர் கொலைச் சம்பவம் தொடர்பில் மூவர் கைது

Mohamed Dilsad

ஜப்பானில் திமிங்கல வேட்டை-ஜூலை மாதம் ஆரம்பம்

Mohamed Dilsad

Wasantha Senanayake participates UNP Parliamentary Group meeting

Mohamed Dilsad

Leave a Comment