Trending Newsඑසැන පුවත්දේශීය

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත් තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (03) පැල්මඬුල්ලේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සැමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසූ ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවකු නොසිතූ බව ද කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි. ඔවුන් කරන්නේ මනමේ කුමරිය මෙන් අනුර කුමාරට අත දීම බව පැවසූ ජනාධිපතිවරයා එය කිරීමට ඉඩ නොදෙන ලෙස තමා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ වාර්තාව ඊයේ (03) මට ලැබුණා. එසේනම් මම මේ වේදිකාවට පැමිණියේ එක පොරොන්දුවක් ඉෂ්ට කරලයි. මම පොරොන්දු දීලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කර ඇවිත් ඒ බව කියනවා. ඒ නිසා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඊට අදාළ යෝජනා ඉවත් කර ගන්නා ලෙස මම සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට කියනවා. මීට වසර දෙකකට පෙර අප මේ රට භාර ගන්නා විට අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි කිසිවකු සිතුවේ නැහැ. එදා මෙම කණ්ඩායම මා සමඟ බය නැතිව මෙම අභියෝගය භාර ගත්තා. විවිධ පක්ෂවල කණ්ඩායම් මා සමඟ එක් වුණා. රුපියල බේරා ගනිමින් රටේ අර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අප මෙම පියවර නොගත්තා නම් අද අපට මෙම තත්ත්වයෙන් ඉන්න වෙන්නේ නැහැ. ග්‍රීසිය මුහුණ දුන් තත්ත්වයට පත්වීමට සිදු වෙනවා යැයි ද කීවේය.

Related posts

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

விடுமுறையில் இருக்கும் மருத்துவ அதிகாரிகள் அனைவரும் சேவைக்கு சமூகமளிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

தெங்கு உற்பத்தித்துறையை பாதுகாக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment