Trending News

වෙනස් වූ අමාත්‍ය ධුර මෙන්න

(උදයම්,කොළඹ)   – යහපාලන රජයේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 9 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේදි දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයාව කටයුතු කළ මංගල සමරවීර මහතා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා අද දිවුරුම් දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසය.

නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා රජයේ පළමු කැබිනට් සංශෝධනයට අනුව වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

ඛනිජතෙල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ චන්දිම වීරක්කොඩි මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙසය.

2015 වසරේ නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ තිලක් මාරපන මහතාටද යළි කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව ඇති අතර ඔහු දිවුරුම් දුන්නේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසය.

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ අතර මහින්ද අමරවීරට ධීවර අමාත්‍ය ධුරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයද පිරිනමා තිබේ.

එස්.බී. දිසානායක සමාජ සවිබලගැන්වීම්, සුබසාධන අමාත්‍ය ධුරයට අමතරව කන්ද උඩරට සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.

ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කම්කරු, වෘත්තිය සබඳතා අමාත්‍ය ධුරයට අමතරව සබරගමු සංවර්ධන අමාත්‍යවරයා ලෙසද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Related posts

ரசாயன தொழிற்சாலை அருகே குண்டுவெடிப்பு – 22 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ஈ-உள்ளுராட்சிமன்ற வேலைத்திட்டம் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Student brutally assaulted at a school in Dematagoda

Mohamed Dilsad

Leave a Comment