Trending Newsඑසැන පුවත්දේශීය

ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 සියලුම ප්‍රජාවන්ට හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත මූල්‍ය අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා රජය සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජීනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ජීනිවා අගනුවරදී ආරම්භ වු මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය අමතමින්.

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේය.

2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි එම වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ මේ වන විට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද වාර්තාවේ කරුණු ඇතුළත්ය.

මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය කියා සිටියේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ 51 / 1 යෝජනාව ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි. ඵළදායී නොවන ආකාරයෙන් අනවශ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් මානව හිමිකම් කවුන්සිලයේ විධිවිධාන ඉක්මවා යමින් එහි ආරම්භක මූල ධර්මවලට පවා පටහැනිව ඒ හරහා ක්‍රියා කරන බව ඇය පෙන්වා දුන්නා. එම යෝජනාව ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව බෙදී ගිය ඡන්දයකින් සම්මත කර ඇති බවයි නිත්‍ය නියෝජිතවරිය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීමෙන් පසු පෙර නොවිවිරු සමාජ හා දේශපාලන අභියෝග ජය ගනිමින් දූරදර්ශි ආර්ථික තීරණ ගැනීමේ හා වැඩිදියුණු කළ මූල්‍ය අධීක්ෂණ සහ පාලනයේ එකතුවක් තුළින් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සමත්ව ඇති බවයි ඇය කවුන්සිලයට දන්වා සිටියාය.

ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පුර්ණ කිරිම / 2024 පළමු කාර්තුවේ දී 5.3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීම / රුපියල ශක්තිමත් කිරීම / ප්‍රේෂණ තුන් ගුණයකින් ඉහළ යාම හා විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම ඇතුලු ආර්ථික දර්ශක වැඩි දියුණු කිරීම සිදුකර ඇති බව අරුණතිලක මහත්මිය තවදුරටත් සඳහන් කළා. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 70%ක් ඉක්මවු උද්ධමනය 2024 ජුනි මාසය වන විට 1.7%ක් දක්වා අඩු කිරීමට මෙම ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ හැකිව ඇති බවයි ඇය කියා සිටියේ.

මිලියන දෙකකට ආසන්න පිරිසකට අස්වැසුම මුදල් හුවමාරු වැසටහන / සිසුන් මිලියන 1.6ක් ආවරණය වන ජාතික පාසල් පෝෂණ වැඩසටහන හා උරුමය ඉඩම් හිමිකම් යෝජනා ක්‍රමය වැනි සුබසාධන ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇති බවයි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය කවුන්සිලයට දන්වා සිටියාය.

සියලු ප්‍රජාවන්ට අයත් සිවිල් වැසියන්ට බලපාන අවශේෂ ගැටලු විසදීමට අඛණ්ඩව පියවර ගනිමින් සිටින බව ද ඇය සඳහන් කළා. 1931 වසරේ සිට වැඩිහිටි ඡන්ද බලය සහිත ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි අතර සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙම ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කරන බවයි අරුණතිලක මහත්මිය පෙන්වා දුන්නාය.

ගෝලීය තීරණාත්මක තත්ත්වයන් නොසලකා හරිමින් තෝරාගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි අසමාන අවදානය යොමුකිරීම පිළිගත නොහැකි බවයි ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය සඳහන් කළාය.

දේශපාලනීකරණයෙන් හා දෙබිඩි පිළිවෙත්වලින් වළකින ලෙසත් මානුෂියත්වය කෙරෙහි අවදානය යොමුකරන ලෙසත් මෙහිදි ඇය කවුන්සිලයෙන් ඉල්ලා සිටියාය.

Related posts

Roadshow in New Delhi to promote Sri Lanka Investment and Business Conclave 2018

Mohamed Dilsad

SLFP Central Committee to convene today

Mohamed Dilsad

Muslim MPs meeting underway with Ven. Chief Prelates of the Asgiriya & Malwatte Chapters – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment