Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට සහන දෙන්න, ජනාධිපතිතුමාට මතක් වුණේ ඡන්දය ළං වුණාම.

රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීඳීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හබරාදුව ප්‍රදේශයේ පැවති ජන රැලියකදී විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. ජනතාවට පටවන්න පුළුවන් බර ටික ඔක්කොම පටවලා. දැන් ජනාධිපතිවරයා තරගෙට නිවේදන නිකුත්කරනවා. බදු අඩු කරන්නම්,  පඩි වැඩි කරන්නම්, සහන දෙන්නම් කියලා. මං අහන්න කැමතියි අඩුම තරමේ මේ වසරේ මුලදිවත් මේ සහන ටික ලබාදෙන්න තිබුණා. එහෙම වුණානම් ජනතාව ට සහනයක් ලැබෙනවා.  අනුර කුමාර මහත්තයත් කියනවා ඇහුනා අපි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරන්න සැරසෙනවලු. අපි කිසිදාක ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක කරලා නැහැ. අනුර අටවන කිසිම උගුලකට මේ රටේ ජනතවා මෙදා පාර රැවටෙන්නේ නැති බව විශ්වාසයි.

Related posts

Opposition Leader’s Thai Pongal Message

Mohamed Dilsad

Hydro power production increased by 50%

Mohamed Dilsad

Trade war: US hits China with new wave of tariffs

Mohamed Dilsad

Leave a Comment