Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වඳුරු උණ ඉන්දියාවටත් : නවතම ප්‍රභේදයක ආසාදිතයෙක් හමුවෙයි.

වඳුරු උණ හෙවත් ‘එම්ෆොක්ස් හි නව ප්‍රභේදය වැළඳුන ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තාවී ඇතැයි සඳහන්. මෙම වසංගතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

ඉන්දියාවෙන් වාර්තාවී ඇති ආසාදිතයා ‘”එම්ෆොක්ස් ක්ලේඩ් 1 බී ” ලෙස හඳුන්වා තිබේ. එම ආසාදිතයා ඩුබායි සිට පැමිණි කේරළයේ මලප්පුරම් හි 38 හැවිරිදි පුද්ගලයෙකු බවද සඳහන්. මෙම ප්‍රභේදයට අයත් ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. .

ආසාදිතයා රෝහල්ගත කර ඇත. එම පුද්ගලයා ඇසුරු කළ අය සොයා බලා නිරීක්ෂණය කරන බවද එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. වඳුරු උණ හෙවත් එම්ෆොක්ස් වේදනාකාරී සමේ තුවාල ඇති කරන බෝවන වෛරසයකි.

වඳුරු උණ සේ ම එහි නව ප්‍රභේදය ද සොයාගනු ලැබුවේ අප්‍රිකා කලාපයෙනි. පසුව එය ස්වීඩනය, තායිලන්තය සහ පාකිස්තානය ඇතුළු අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත රටවලට ද ව්‍යාප්ත වී ඇති වංසගතයකි.

Related posts

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

Editor O

பீடிக்கான புகையிலைக்கு பப்பாசி இலைகளை உலர்த்தி ஒன்று சேர்க்கும் இடம் முற்றுகை

Mohamed Dilsad

Pandora Paper පිළිබඳව පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment