ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ ) – නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
27 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේ සිට පසුගිය 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

යාත්‍රාවකින් පැමිණ ඇති අදාළ ශ්‍රී ලාංකිකයා තමිල්නාඩුවට අයත්  මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකු මීට දින 4කට පෙරදමෙම මුහුදු ප්‍රදේශයේදීම ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී .

Related posts

එළුවන් 61දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වවුනියාවේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල්ට සිවිල් සංවිධාන නියෝජිතයින් පැසුසුම්

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment