විදෙස්

අපුරු ප්‍රදර්ශන භාණ්ඩයක්

(උදයම්,ජර්මනිය ) – ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අයිස් කුට්ටියක් තුළ මිදුණු නරියෙකුගේ මළ සිරුරක් ජර්මනියේ දඩයම්කරුවෙකු විසින් සිය පවුලේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති බව වාර්තාවේ.

ඒ අධික ශීතල හේතුවෙන් මිදී පවතින ‘ඩැනියුබ්’ නදියේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටයි.

‘ඩැනියුබ්’ නදියට වැටී ඇති නරියා එහි ගිලී ක්ෂණිකව අයිස් අතර මිදී ඇති බව විශ්වාස කරේ.

නදියේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නරියාගේ මළ සිරුර සහිත අයිස් කුට්ටිය සිය පවුලේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තැබූ බව ෆ්‍රාන්ස් ස්ටේල් කියා සිටියේය.

මුවෙකු සහ වල් ඌරෙකු ඇතුළු තවත් අයිස් අතර මිදුණු සතුන්ගේ මළසිරුරු තමන් දුටු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

ඉස්තාන්බුල් සමාජශාලා ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment