Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ධූර 19ක් පුරප්පාඩු වී මන්ත්‍රීවරු 16 දෙනෙකු අලුතින් දිවුරුම් දුන්, ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාලයට අයත් වූ නවවෙනි පාර්ලිමේන්තුව

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ නව වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පාර්ලිමේන්තු කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව මන්ත්‍රීධුර 19ක පුරප්පාඩු වී තිබේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත්කරන කළ අතර, අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත් කෙරිණ.

මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ අසුන සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කෙරිණ. .

අධිකරණ නියෝගයකින් මන්ත්‍රී ධූරය අහෝසි වූ මනූෂ නානායක්කාර මහතා වෙනුවෙනුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් අතර, එම අධිකරණ තීන්දුවෙන් පුරප්පාඩු වූ ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකෙරිණ.

ජනතා විරෝධය හමුවේ 07 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.එම පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර, ඒ වෙනුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධන මහතා පත් කෙරිණ.

මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ අතර. තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් සිදු කරනු ලැබුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වූ අතර, පාර්ලිමේන්තුව විසුරවීමේ නිවේදනය නිකුත් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වීම විශේෂත්වයකි. ඒ අනුව නව වෙනි පාර්ලිමේන්තු කාලය තුළ ජනාධිපතිවරු තිදෙනෙකු පත්වූහ.

එමෙන්ම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වුණ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනෙකු ජනාධිපති ධූරයට පත්වීමේ සිද්ධිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂ සලකුණකි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරවන දිනය වන විට මන්ත්‍රී ධූර දෙකක පුරප්පාඩුවක් තිබීම ද විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවෙන් ඉවත් වූ සහ පත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය

අංකයමන්ත්‍රීවරයාගේ නම සහ මන්ත්‍රීධුරය පුරප්පාඩු වීමට හේතුවපුරප්පාඩුව සඳහා පත් වූ නව මන්ත්‍රීවරයාගේ නම
ඉල්ලා අස්වීම
01ගරු ජයන්ත කැටගොඩ මහතාගරු බැසිල් රාජපක්ෂ මහතා
02ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතාගරු ජයන්ත කැටගොඩ මහතා
03ගරු මහින්ද සමරසිංහ මහතාගරු ලලිත් වර්ණකුමාර මහතා
04ගරු බැසිල් රාජපක්ෂ මහතාගරු ධම්මික පෙරේරා මහතා
05ගරු මුජිබර් රහුමාන් මහතාගරු ඒ. එච්. එම්. ‍ෆවුසි මහතා
06ගරු චමින්ද විජේසිරි මහතාගරු නයන වාසලතිලක මහතා
07ගරු උද්දික ප්‍රේමරත්න මහතාගරු එස්. සී. මුතුකුමාරණ මහතා
08ගරු තලතා අතුකෝරල මහත්මියගරු කරුණාරත්න පරණවිතාන මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම
09ගරු රංජන් රාමනායක මහතාගරු අජිත් මාන්නප්පෙරුම මහතා
10ගරු ඩයනා ගමගේ මහත්මියගරු මුජිබර් රහුමාන් මහතා
පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම
11ගරු නසීර් අහමඩ් මහතාගරු අලි සහිර් මවුලානා මහතා
12ගරු මනූෂ නානායක්කාර මහතාගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
13ගරු හරීන් ප්‍රනාන්දු මහතා—–
මියයෑම
14ගරු අමරකීර්ති අතුකෝරල මහතාගරු ජගත් සමරවික්‍රම මහතා
15ගරු සනත් නිශාන්ත මහතාගරු ජගත් ප්‍රියංකර මහතා
16ගරු එච්. නන්දසේන මහතාගරු එම්. ජී. වීරසේන මහතා
17ගරු ආර්. සම්බන්ධන් මහතාගරු කදිරවේලු කුගදාසන් මහතා
ජනාධිපති ධුරයට පත්වීම
18ගරු රනිල් වික්‍රමසිංහ මහතාගරු වජිර අබේවර්ධන මහතා
19ගරු අනුර කුමාර දිසානායක මහතාගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා

Related posts

‘பிரதம நீதியரசருக்கு தான் கடிதம் அனுப்பவில்லை-சபாநாயகர்

Mohamed Dilsad

‘பிக் பாஸ்’ வீட்டை விட்டு வௌியேறிய ஆர்த்தியின் அதிரடி ட்விட்!!!

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment